හොරණ රයිගම්පුර නවම් මහ පෙරහැර පසුගිය 17 රාත්‍රී අති උත්කර්ශවත්ශ්‍රීයෙන් වීදි සැරුණි . හොරණ රාජ මහ විහාරයේ සිට නගරය පුරා වීදි සැරුණි . ශ්‍රී උප්පලවණ්ණ විශ්නු මහ දේවාල පෙරහැරද පෙරහැරට එකතු වුණි . අල් ඉඇතුන් 44 ක් හා නර්තනාංග 85 කින් යුක්තව වීදි සැරුණි .පෙරහැරේ සධාතුක ධාතු කරඬුව වැඩමකිරීමේ භාග්ය කැළණිය රාජ මහ විහාරයේ ‘කණ්ඩුල’ ඇතුට සුපුරුදු ලෙස හිමිවූ අතර කතරගම කිරිවෙහෙර රජ මහ විහාරයේ ‘සාලිය’ අලියා සහ ‘තරිඳු’ අලියා දෑල හස්ථීන් ලෙස ගමන් කලහ. එමෙන්ම විශ්ණු දේවාභරණ වැඩම කිරීම මහනුවර ශ්රී දළදා මාලිගාවේ ‘මිගාර’ ඇතුන් විසින් සිදුකරන ලද අතර ඔහුගේ දෑලේ ගොඩගම නාලක ජයසිංහ මහතාට අයත් ‘රාණි’ ඇතින්න සමග මැදගොඩ සමන්ත විජේමාන්න මහතාට අයත් ‘පාරමී’ ඇතින්න ගමන් කලහ.ය කැළණිය රාජ මහ විහාරයේ ‘කණ්ඩුල’ ඇතුට වූ අතර කතරගම කිරිවෙහෙර රජ මහ විහාරයේ ‘සාලිය’ අලියා සහ ‘තරිඳු’ අලියා දෑල හස්ථීන් ලෙස ගමන් කලහ. එමෙන්ම විශ්ණු දේවාභරණ වැඩම කිරීම මහනුවර ශ්රී දළදා මාලිගාවේ ‘මිගාර’ ඇතුන් විසින් සිදුකරන ලද අගේ දෑලේ ගොඩගම නාලක ජයසිංහ මහතාට අයත් ‘රාණි’ ඇතින්න සමග මැදගොඩ සමන්ත විජේමාන්න මහතාට අයත් ‘පාරමී’ ඇතින්න ගමන් කලහ.
පෙරහැර සදහා සහභාගී වූ හස්තීන්,
1. හොරණ පුංචි බණ්ඩා අලියා
2. හොරණ දෙව්මිණී ඇතින්න
3. හොරණ පංචාලි ඇතින්න
4. පිලියන්දල පණ්ඩුක අලියා
5. කැලණියේ කණ්ඩුල ඇතා
6. කතරගම සාලිය අලියා
7. කතරගම තරිඳු අලියා
8. මහනුවර විජය රාජා ඇතා
9. මහනුවර මිගාර ඇතා
10. වීරකැටියේ මිහින් රාජා ඇතා
11. මීරිගම නිලමේ අලියා
12. මීරිගම සීතා ඇතින්න
13. මතුගම සංජු අලියා
14. ගොඩගම රාණි ඇතින්න
15. මැදගොඩ පාරමී ඇතින්න
16. හෙට්ටිමුල්ලේ රාජා අලියා
17. බදුල්ලේ මදූ අලියා
18. ගිරිඋල්ලේ බිබිල අලියා
19. ගිරිඋල්ලේ කාංචනා ඇතින්න
20. දෙවිනුවර ලසඳා ඇතින්න
21. යක්කල ගජභා අලියා
22. කොට්ටාවේ කුමාරි ඇතින්න
23. පොල්ගහවෙල බණ්ඩා අලියා
24. පල්ලෙබැද්දෙ රාණි ඇතින්න
25. දෙනියායෙ චාරිකා ඇතින්න
26. ගම්පහ පුලස්ථි අලියා
27. මහනුවර තාරක අලියා
28. මහරගම සුදු මහත්තයා අලියා
29. මහරගම කදිරා අලියා
30. මහරගම කණ්ඩුල අලියා
31. මහරගම සීතා ඇතින්න
32. කොළඹ ගංගා ඇතින්න
33. බියගම රාජා අලියා
34. කෝට්ටේ සුරතල් රාජා අලියා
35. හාලිඇල සමෘද්ධි අලියා
36. මාවනැල්ලේ සඳෙව් රාජා අලියා
37. කුරුණෑගල වාසල අලියා
38. හම්බන්තොට හිරුණි ඇතින්න
39. හම්බන්තොට සඳලි ඇතින්න
40. හෙයියන්තුඩුවේ රාමා ඇතා
41. වේයන්ගොඩ ගැමුණු අලියා
42. වේයන්ගොඩ කපුරු අලියා
43. දංඕවිට මැණිකේ ඇතින්න
44. ඇලපාත වාසනා ඇතින්න