වත්තල හැදළ පුරාණ රජ මහ විහාරස්ථානයේ 66 වූ හැදළ බුද්ධ ජයන්ති මහ පෙරහැර පසුගිය 16 වෙනි දින රාත්‍රී වීදි සැරුණි . උඩරට , පහතරට , සබරගමු නර්තනාංග සහිතව අලි ඇතුන් පිරිවරා වීදි සැරුණි . පෙරහැරේ සධාතුක කරඩුව වැඩමකරවූයේ ” මාළිගාවේ පුලතිසි රාජා ” හස්තිරාජ්‍ය විසින්‍ය . එමෙන්ම දෑලේ ගමන් කළේ කඩුවෙල තාරක හා දිඹුලාගල විජිත රාජා හස්තීන් විසින්‍ය . ශ්‍රී මහ විශ්ණු දේවාභරණ වැඩමකරවූයේ ” හෙයියන්ත්ඩුව රාමා හස්තියා විසින්‍ය . ශ්‍රී කතරගම දේවාභරණ වැඩමකරවූයේ ” හැදළ අරුණ ” අලියා විසින්‍ය . ශ්‍රී මහ විභීෂණ දේවාභරණ වැඩමකරවූයේ ” ගිරිඋල්ල මංගල ” හස්තියා විසින්‍ය . මෙවර ඉතාමත් උත්කර්‍ෂවත් අයුරින් හිග්ගොඩ චන්දිම හිමියන්ගේ අනුශාෂණය පරිදි මනෝර්ම්‍ය ලෙසින් පැවැත්වුණි .
මෙවර පෙරහැර සදහා සහභාගී වූ හස්තිරාජීන් ,
1)මාළිගාවේ පුලතිසි රාජා ඇතා
2)මාළිගාවේ මියන් රාජා ඇතා
3)බියගම රාජා අලියා
4)ඇත්කද වාසල අලියා
5)ගිරිඋල්ල බිබිලා අලියා
6)ගිරිඋල්ල කංචනා ඇතින්න
7)ගිරිඋල්ල මංගල අලියා
8)කඩුවෙල තාරක අලියා
9)දිඹුලාගල විජිත රාජා
10)දමුනුපොළ බණ්ඩාර අලියා
11)පිරිස්‍යාල ඇසළ අලියා
12)මහරගම කදිරා අලියා
13)මහරගම කණ්ඩුල අලියා
14)වේයංගොඩ කපුරු අලියා
15)හෙයියන්ත්ඩුව රාමා ඇතා
16)හුණුපිටිය ගංගා ඇතිනි පැටියා
17)මැදගොඩ පාරමී ඇතින්න
18)මාවනැල්ල සදෙව් රාජා අලියා
19)මීරිගම සීතා ඇතින්න
20)මීරිගම නිළමේ අලියා
21)ගොඩගම රාණි ඇතින්න
22)කොළඹ දෙව්මිණි ඇතින්න
23)ඇලපාත වාසනා ඇතින්න
24)දංඕවිට මැණිකේ ඇතින්න
25)හැදළ අරුණ අලියා sri lanka, elephant, kandy esala perahera

 

By myadmin