නව වසර උදාවීමත් සමගින් කෝට්ටේ ප්‍රවිණා කාලයතනය විසින් 11 වන වරටත් පැවැත්වූ ආශිරුවාද මුරුතැන් පූජා මහ පෙරහැර
පසුගිය පළවන දින රාත්‍රී කෝට්ටේ පිංන්නියර මංසන්දිය අසලින් ඇරඹී කෝට්ටේ විහාරයට ගෙවිදුණේය . උඩරට , පහතරට , සබරගමු නර්තනාංග ඇතුළු අලි ඇතුන් සපිරිවරාඅති උත්කර්‍ෂවත් ලෙසින් පැවැත්වුණි . පෙරහැරේ සධාතුක කරඩුව වැඩමකරවූයේ ” කෝට්ටේ රාජා ” මංගල හස්තිරාජ්‍ය විසින්‍ය . එමෙන්ම ශ්‍රී මහ විශ්ණු දේවාභරණ වැඩමකරවූයේ ” මහරගම කදිරා අලියා ” විසින්‍ය හා ශ්‍රී මහ කතරගම දේවාභරණ වැඩමවූයේ ” හාළි ඇළ සමෘද්ධි ” විසින්‍ය එමෙන්ම ශ්‍රී සත්පත්තිනි දේවාභරණ වැඩමකරවූයේ ” කෝට්ටේ සුරතල් රාජා ” හස්තිරාජ්‍ය විසින්‍ය . නර්තනාංග 30 කට ආසන්න ප්‍රමාණයකින් යුක්ත වූ පෙරහැර අලි ඇතුන් 6 දෙන්කුගේ සමලංකෘතයෙන් මනරම් ලෙසි දර්ශණීය අයුරින් පැවැත්වුණි.
පෙරහැර සදහා සහභාගී වූ හස්තීන්,
1)කෝට්ටේ රාජා ඇතා
2)කෝට්ටේ සුරතල් රාජා අලියා
3)හාළි ඇළ සමෘද්ධි අලියා
4)මහරගම සීතා ඇතින්න
5)මහරගම කදිරා අලියා
6)කඩුවෙල තාරක අලියා