එෛතිහාසික කල්‍යාණි රාජ මහ විහාරස්ථානයේ එෛතිහාසික දුරුතු පෙරහැර ඊයේ රාත්‍රී අලි ඇතුන් රැසක් සපිරිවරා අති උත්කර්ශවත්ව අලංකාර ලෙසින් වීදි සැරුණි . පෙරහැර සදහා උඩරට , පහතරට ,සබරගමු ගැමි නර්තනාංග 100 ගණ්නක් සහභාගී වුණේය . පෙරහැරේ සධාතුක කරඩුව වඩමවූයේ “කැළණියේ කණ්ඩුල හස්තියා” විසින්‍ය . හා දෑලේ ගමන් කළේ ” කතරගම තරිදු ” හා “කතරගම සාලිය ” හස්තිරාජවරු විසින්‍ය . ශ්‍රී මහ විශ්ණු දේවාභරණ වැඩමකරවූයේ ” හෙයියන්තුඩුව රාමා ” ඇතු විසින්‍ය හා ශ්‍රී කතරගම දේවාභරණ වඩමවූයේ ” කතරගම වාසනා මගුලැතු” විසින්‍ය හා ශ්‍රී විභීෂණ දේවාභරණ වැඩමකරචූයේ ” මාළිගාවේ මිගාර ” ඇතු විසින්‍ය .
එමෙන්ම පෙරමුණේ රාළ රැගෙන ගමන් කළේ ” මාළිගාවේ තායි රාජා ” ඇතු විසින්‍ය හා ගජනායක නිළමේ රැගෙන ගමන් කළේ ” කෝට්ටේ රාජා ” මගුලැතු විසින්‍ය.
පෙරහැර සදහා සහභාගී වූ හස්තීන් ,
1)කැළණිය කණ්ඩුල ඇතු
2)කතරගම තරිදු අලි පැටියා
3)කතරගම සාලිය අලියා
4)කතරගම වාසනා ඇතු
5)මාළිගාවේ මිගාර ඇතු
6)මාළිගාවේ තායි රාජා ඇතු
7)කෝට්ටේ රාජා ඇතු
8)කෝට්ටේ සුරතල් රාජා අලියා
9)කොට්ටාව කුමාරි ඇතින්න
10)හොරණ දෙව්මිණි ඇතින්න
11)හොරණ පංචාලී ඇතින්න
12)ගොඩගම රාණි ඇතින්න
13)ගම්පහ පුලස්ථි අලියා
14)මහරගම කදිරා අලියා
15)මහරගම සකුරා අලි පැටියා
16)මහරගම සීතා ඇතින්න
17)පැල්මඩුල්ල රත්නා අලියා
18)පැල්මඩුල්ල චූලා අලියා
19)දෑලේ රාජා අලියා
20)මාළිගාවේ කණ්ඩුල අලියා
21)හෙයියන්තුඩුව රාමා ඇතු
22)ගිරිඋල්ල බිබිලා අලියා
23)ගිරිඋල්ල කාංචනා ඇතින්න
24)ගිරිඋල්ල මංගල අලියා
25)හාළි ඇළ සමෘද්ධි අලියා
26)මැදගොඩ පාරමී ඇතින්න පැටියා
27)මීරිගිම සීතා ඇතින්න
28)මීරිගම නිළමේ අලියා
29)හුණුපිටිය ගංගා ඇතින්න පැටවා
30)අත්තනගල්ල ගැමුණු අලියා
31)ඇත්කද වාසල අලියා
32)පිළියන්දළ පණ්ඩුක අලියා

 

May be an image of 4 people, elephant, temple and text

By myadmin