බෙල්ලන්විල ඇසළ පෙරහැර

1950 වසරේ බෙල්ලන්විල විහාරාධිපති වූ සිටි පූජ්‍ය බෙල්ලන්විල සෝමරතනය හිමියන් විසින් ආරාම්ඹ කළ ඇසළ මහ පෙරහැර ඉතා අද වන විට වසර 72 සපුරා ඇත.බෙල්ලන්විල පෙරහැර දින කිහිපයක් පැවැත්වෙයි.පෙරහැර ආරම්ඹ කරන්නේ අගෝස්තු මසයෙහි.පළමුව ගුණස්මරණ දානයක් පවත්වා ,දෙවනුව බෙල්ලන්විල සෝමරත්න හිමි ,බෙල්ලන්විල විමලරත්න අනුහිමි ගුණස්මරණ ධර්ම දේශනා මාලාව පැවැත්වෙයි.තෙවනුව සති පිරිත් ආරාම් ඹ කෙරෙයි.පසුව සූත්‍ර දේශණාව පවත්වයි.පස්වන චාරිත්‍රය ලෙසින් දේවදූත පෙරහැර පවතවා , රාත්‍රී දොරකොඩ අස්න පැවැත්වෙයි.සයවන චාරිත්‍රය ලෙස මල් පෙරහරද,ඉන්පසුව පාවඩ පෙරහැර පවත්වැනෙවා එහි විශේෂය වන්නේ ධාතු කරඩුව සහ දේවාභරණ පාවඩ මතින් වඩම්වන්නේ .රන්සිවිලි පෙරහැර ඉන්පසුව පැවැත්වීමත් අවසන් දින රාත්‍රී මහ පෙරහැරත් පවත්වයි.පෙරහැර සදහා කතරගම වාසනා,කැළණි කණ් ඩුල ,පැල්මඩුල්ල චූලා,පැල්මඩුල්ල රත්න ,මීරිගම සීතා,රන්කඩු තාරක,කඩුවෙල වීරා,යක්කල ගජබා,ගොඩගම රාණි ,පන්නිපිටිය දෙව් සුමන , මහරගම සීතා , හොරණ රෝහණ යනු ලංකාවේ සුප්‍රසිද්ධ හස්තීන් 50කට අධික සංඛයාවකින් පෙරහැර හැඩ වෙයි.

 

By myadmin

Leave a Reply