උත්තම ශ්‍රී කළ්‍යාණි රාජ මහ විහාර්ස්ථානයෙහි දුරුතු මහ පූජෝඋත්ස්වය මෙවරත් චාරිත්‍ර ඉටු කළමින් පැවැත්වුණේය.දුරුතු මස 5 හෙවත් දුරුතු පෝයට පෙර දිනයෙහි රාත්‍රී 8 ගණනට යෙදුණු සුබ නැකතින් අලි ඇතුන්,උඩරට,පහතරට,සපරගමු නැටුම් යනු අංග 70කට අධික සංඛ්‍යාවකින් පෙරහැර හැඩ වුණේය.කැළණීය විශ්ව විද්‍යාලය කුලපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඛරක්ඛිත හිමියන් වහන්සේගේ අනුශාෂණය පරිදි, ගරු බස්නායක නිළ්මේ තැම්පත් දම්මික ආටිගල මැතිදුන් ගේ මගපෙන්වීම පරිදි පෙරහැර පැවැත්වුණේය.සුපුරුදු ලෙසින් ධාතු කරඩුව වැඩමවීමට වරම් ලැබුවේ කළ්‍යාණි රජ මහ විහාරයේ ‘කණ් ඩුල ‘ඇතුය.දෑල ඇතුන් ලෙස කිරිවෙහෙර ‘සාලිය ‘අලියා සහ බලංගොඩ අසංක විජය වීරසිංහ මැතිතුමාගේ ‘රාජා’හස්තියා ගමන් කළේය.විශ්ණු දේවාභරණ වැඩමවූයේ හෙයියන්තුඩුව ටියුඩර් ගුණසේකර මැතිදුන් ගේ ‘රාමා’හස්තියා ය.කතරගම දේවාභරණ මාළිගාවේ’ පුලතිසි රාජා’ ඇතුගේ පිට මත වැඩමවූයේ.කැළණියට අධිපති දෙවි ලෙස සැළකෙන උතුම් ශ්‍රී විභීෂණ දෙවියන් ගේ දේවාභරණ් වැඩමවීමට වාසනා ලැබුණේ මාළිගාවේ ‘මිගාර’ඇතුටය.සමස්ත පෙරහැර සදහා හස්තීන් 29ක් එකතු වීමට නියමිතව තිබුණේය නමුත් පෙරහැරේ ගමන් කළේ හස්තීන් 27 ක් පමණයි.
පෙරහැරට සහභාගීවමට නියමිතව සිටි හස්තීන් ,
1.කැළණීය ‘කණ්ඩුල
2.කතරගම සාලිය
3.කතරගම තරිදු
4.මැදගොඩ පාරමී
5.මාවනැල්ල සදෙව් රාජා
6.කෝට්ටේ සුරතල් රාජා
7.කෝට්ටේ රාජා
8.වේයංගොඩ කපුරු
9.වේයංගොඩ ගැමුණු
10.හෙයියන්තුඩුව රාමා
11.පැල්මඩුල්ල රත්න
12.මීරිගම සීතා
13.මීරිගම නිළමේ
14.මහරගම සකුරා
15.මහරගම කදිරා
16.කොට්ටාවේ කුමාරි
17.කොට්ටාවේ පංචාලී
18.ගම්පහ පුල්ස්ථී
19.නාරංවල සම්බෝධි දෙව්මිණි
20.හුණුපිටිය ගංගා
21.හුණුපිටිය අභීත
22.මාළිගාවේ පුලතිසි රාජා
23.මාළිගාවේ තායි රාජා
24.මාළිගාවේ මිගාර
25.ගිරිඋල්ල බිබිලා
26.ගිරිඋල්ල කාංචනා
27.බලංගොඩ රාජා
28.ඇලපාත වාසනා
29.කුරුණෑගල වාසල
පෙරහැරේ ගමන් කළ හස්තීන් ,
01.කැළණිය’කණ්ඩුල -මගුලැතු
02.කතරගම සාලිය -දෑල
03.බලංගොඩ රාජා-දෑල
04.හෙයියන්තුඩුව රාමා-විශ්ණු දේවාභරණ
05.මාළිගාවේ පුලතිසි රාජා- කතරගම දේවාභරණ
06.මාළිගාවේ මිගාර – විභීෂණ දේවාභරණ
07.කෝට්ටේ රාජා
08.මාළිගාවේ තායි රාජා
09.කතරගම තරිදු
10.පැල්මඩුල්ල රත්නා
11.මැදගොඩ පාරමී
12.ගිරිඋල්ල කාංචනා
13.මාවනැල්ල සදෙව් රාජා
14.වේයංගොඩ ගැමුණු
15.මීරිගම සීතා
16.මීරිගම නිළමේ
17.මහරගම කදිරා
18.මහරගම සකුරා
19.කෝට්ටේ සුරතල් රාජා
20.කොට්ටාවේ කුමාරි
21.කොට්ටාවේ පංචාලී
22.ගම්පහ පුල්ස්ථී
23.ඇලපාත වාසනා
24.නාරංවල සම්බෝධි දෙව්මිණි
25.හුණුපිටිය අභීත
26.හුණුපිටිය ගංගා
27.කුරුණෑගල ඇත්කද වාසල
